උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

සාරධර්ම රැකීමට සාරධර්ම දිනයක්.

සාරධර්ම රැකීමට සාරධර්ම දිනයක්.

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 
ඒ අනුව සිසුන් ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන් කර ගනිමින් සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. 
සාරධර්ම දිනය යෙදී ඇති දිනයේ පෙරවරු 07.30 සිට පෙරවරු 08.00 දක්වා කාලය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන්. 
මේ සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් සියලුම පාසල් විදුහල්පතිවරුන්, සියලු පරිවේනාධිපතිවරුන්, විද්‍යාපීඨ කොමසාරිස්වරුන් ඇතුලු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.  






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot