උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ගේ රහස් ප්‍රකාශයක්


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ගේ  රහස් ප්‍රකාශයක්

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ තිබූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවන දිනයේත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිටියා.

විනාඩි 10 කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරියගේ  නිල මැදිරිය තුළ රැඳී සිටි විත්තිකරු ඉන්පසුව පිටතට පැමිණියා.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට සැකකාර දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගීත් ජයසිංහ මහතා  සඳහන් කර සිටියේ මෙම ප්‍රකාශය සිදු කිරීමට සූදානම් වන්නේ ස්වේච්ඡාවෙන් ද? යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරිය විසින් තම සේවා දායකයාගෙන්  විමසා සටහනක් යොදාගත් බවයි.

ඒ අනුව මෙම සැකකරුගේ ප්‍රකාශය ඉදිරි දිනයක සටහන් කර ගැනීමට නියමිත බව ද නීතිඥවරයා පැවසුවා.

මේ අතර අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 24 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot