උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 13 January 2020

සාධාරණ වෙළඳාම සහ තරගකාරී භාවිතයන්ට අනුගත නොවීම

සාධාරණ වෙළඳාම සහ තරගකාරී භාවිතයන්ට අනුගත නොවීම

2019 දෙසැම්බර් 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලබා දී ඇති බදු ප්‍රතිලාභ විශේෂයෙන්
සිල්ලර, තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩු කිරීමෙන් අත්වන වාසි
පාරිභෝගිකයා වෙත ළඟා නොවන බවට මහජනතාවගෙන් ජනාධිපති කාර්යාලයට අඛණ්ඩව
පැමිණිලි ලැබෙන අතර ඒ සම්බන්ධ ප්‍රවෘත්ති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද නිරන්තරව පළ
වේ.
බදු සහන ලැබුණු ද්‍රව්‍ය අතර ඉදිකිරීම් ද්‍රව්‍ය පිඟන් භාණ්ඩ, සිමෙන්ති සහ අනෙකුත්
‍ගොඩනැගිලි ද්‍රව්‍ය, රූපලාවන්‍ය සහ දෛනික පාරිභෝගික ද්‍රව්‍ය ඇඟළුම්, පාසල් පොත් සහ
අනෙකුත් භාණ්ඩ ගණනාවක් ඇත. එපමණක් නොව තොග බෙදාහරින්නන් විසින් එකී ප්‍රතිලාභ
සිල්ලර ව්‍යාපාරිකයන්ට ලබා නොදෙන බවටත්, සාධාරණ වෙ‍ළෙඳාම හා තරගකාරී භාවිතයන්ට
ගරු නොකරමින් තොග බෙදා හරින්නන් සහ නිෂ්පාදකයන් කිහිප දෙනෙක් විසින් වෙළෙඳ‍ පොළ
තම පාලනයට නතු කරගෙන සිටින බවටත් සිල්ලර වෙළෙඳුන් රැසක් දැනුම් දී ඇත. තරගකාරී
වෙළෙඳාමේ දී බදු ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන මෙන් දේශීය නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටිනු
ලැබේ.
මේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
පාරිභෝගික අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති අතර, බදු අඩු
කිරීමේ පූර්ණ ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට සහ පොදු මහජනතාවට ලබා දෙන බවට සහතික
වන්නැයි ව්‍යාපාරික ප්‍රජාවට, ආනයනකරුවන්ට, තොග හා සිල්ලර බෙදාහරින්නන්ට අවධාරණය
කෙරේ. සියලු දෙනාගේ සුබ සාධනය වෙනුවෙන් තරගකාරී භාවිතයට ගරු කරන බවට සහ මාධ්‍ය
සාකච්ඡා සහ වෙනත් ආකාරයේ ‍තොරතුරු සන්නිවේදනය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ද
එකී ව්‍යාපාරික ප්‍රජාව වෙත දැනුම් දී ඇත.
තරගකාරී නොවන වෙළෙඳ පොළ භාවිතයන්ට ඉඩ නොදෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය
සියලු ප්‍රතිපත්ති පියවර රජය ගන්නා බවට ව්‍යාපාරික ප්‍රජාවට සිහිපත් කෙරේ. අදාළ
බලධාරීන්ට විශේෂයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, මහා පරිමාණ තොග ආනයනකරුවන්
හා නිෂ්පාදකයන්, බෙදාහරින්නන් මෙන්ම මහා පරිමාණ බෙදාහරින්නන් මත රඳා පවත්නා කුඩා
සිල්ලර වෙළෙඳුන් අධීක්ෂණය කරන මෙන් උපදෙස් ලබා දී ඇත.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot