උතුරේ දේශපාලනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාර් ල්ස් නිර්මලනාදන් හා ඉන්දීය නියෝජිතයින් අතර සාකච්ජාවක්.
එළැඹෙන මැතිවරණ සුදානම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික
සන්ධාන පාර් ලිමේන්තු මන්ත්‍රී චාර් ල්ස් නිර් මලනාදන් මහතා ඉන්දීය නියෝජ්‍ය මහ
කොමසාරිස් එම්.ක්‍රිෂ්ණමූර් ති මහතා අතර සාකච්ජාවක් ඊයේ(13) මන්නාරම පිහිටි
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර් යාලයේදී පැවැත්විණ.
එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සුදානම, උතුරු
පළාතේ වර් තමාන දේශපාලන තත්වය, උතුරේ ජනතාවගේ සංවර් ධන කටයුතු හා
මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතා ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා
පැවැත්වූහ.
නිර් මලනාදන් මහතා එහිදි වැඩිදුරටත් පැවසූවේ මන්නාරම ධීවර ජනාවගේ ගැටළු
වෙනුවෙන් විසදුම් ලබාදීමට ඉන්දීය මැදිහත්වීම අපේක්ෂා කරන බවයි.
උතුරු පළාතේ සංවර් ධනය වෙනුවෙන් ඉන්දීයාව ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් නිර්
මලනාදන් මහතා එහිදි සිය ස්තූතිය ඉන්දීය රජයට පිරිනමන බවද එහිදි පැවසුවේය.
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එහිදි පැවසුවේ මන්නාරම ධීවර ජනතාවගේ
ගැටළුවලට විසදුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සළසාදෙන බවයි.
වවුනියාව - මාධව කුලසූරිය.
No comments:
Post a Comment