විස්සයි විස්සට අලුත් නායකයෙක්.
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත්කිරිමට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙලෙස නව නායකයෙකු පත් කිරීමට අවධානය යොමුව ඇති බව සඳහන්.
ලසිත් මාලිංග දක්ෂ ක්‍රිඩකයෙකු වුවත් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දිගින් දිගටම පසුබෑමකට ලක්ව තිබිම හේතුවෙන් වෙනත් නායකයෙකු පත් කිරිමට සිදුවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ඔහු අවසන් වරට මෙහෙයවා ඇති විස්සයි විස්ස තරග 13න් ශ්‍රී ලංකා කණ්ඩායම
ජය ගෙන ඇත්තේ පසුගිය වසරේ නවසීලන්තය සමග පැවති තරගය පමණක් වීම විශේෂත්වයක්.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ජයග්‍රාහි ප්‍රතිශතය සියයට තිස්හතරයි දශම හයයි එකක් ලෙස සටහන් වන අතර එය ශ්‍රී ලංකාව අවසන් වසර පහේදී වසරක් තුළ විස්සයි විස්ස තරගවලදී පහල වැටුණු දුර්වලතම වසර වශයෙන්ද සටහන් වනවා.
No comments:
Post a Comment