සිසුවියන් තිදෙනෙක් මිය ගිය පසු විමර්ශණ, පරීක්‍ෂණ හා අධීක්‍ෂණය ඇරඹෙයි.
විදේශීය විශ්වවිද්‍යාල වෙත සිසුන් යොමුකරන මෙරට ආයතන සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් සිදුකර, එම ආයතන අධීක්‍ෂණය කිරිමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. නිසි ප‍්‍රමිතියකින් හා පිළිගැනීමකින් තොර විදේශීය උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට සිසුන් යොමු කිරීම තුළ ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වයන් කෙරෙහි අවදානය යොමුකරමින් මෙවැනි වැඩපිළිවෙලක් දියත් කිරීමට තීරණය කළ බවයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
අසර්බයිජානයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුලත්ව අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි ලාංකික සිසුවියන් තුන් දෙනෙකු ගින්නකට හසුව ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මකයි. අසර්බයිජාන් රජය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ.
අසර්බයිජාන්හි අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු නේවාසිකාගාරයේ ඇති වූ ගින්නකින් නැගුණු දුමාරය ආඝ‍්‍රහණය වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා පැවැසුවේ. මෙලෙෂ මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප‍්‍රදේශවල පදිංචි සිසුවියන් තිදෙනෙක්. එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු ඒ අතර සිටින බවටද තොරතුරු වාර්තා වනවා.
No comments:
Post a Comment