මැදපෙරදිග උණුසුම ඉන්දන මිල වැඩි කරයිද
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ ශී‍්‍ර ලංකාවේ ඉන්දන හිඟයක් ඇති වී තිබෙන බවට පැතිරෙමින් ඇති ප‍්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජය පවසනවා. දින 25 ක් 30 ක් සඳහා ප‍්‍රමාණවත් ඉන්දන තොග මේ වන විටත් රට තුළ ගබඩා කර ඇති බවත්, තවත් ඉන්දන තොග කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ නෞකා කිහිපයකින් ශී‍්‍ර ලංකාවට ලැබීමට නියමිත බවත් ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළා.
කෙසේ වෙතත් ඇමරිකානු ඉරාන අර්බුදය ලෝක වෙළඳපොලේ ඉන්දන මිල ඉහළ යාමට හේතුවක් වී ඇති බව ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි. එහෙත් මෙරට වෙළඳපොලේ ඉන්දන මිල වැඩි නොකරන බවයි අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ.
ඉරානය ප‍්‍රධාන ඉන්දන සැපයුම්කරුවෙකු වුවද ශී‍්‍ර ලංකාව මේ වන විට ඉන්දන මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුවෙන්. ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ශී‍්‍ර ලංකාව තුළ කිසිසේත්ම ඉන්දන හිඟයන් ඇති නොවන බවයි.
No comments:
Post a Comment