උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

මුතුරාජවෙල කොමලිය බේරා දෙන්නැයි ජනතාව අධිකරණයෙන් ඉල්ලයි.


මුතුරාජවෙල කොමලිය බේරා දෙන්නැයි ජනතාව අධිකරණයෙන් ඉල්ලයි.

මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසල බැහැර කිරීමට අමතරව නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම සහ අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බවට ප‍්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළා.

මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළට කැලි කසල බැහැර කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සිසිර ද ආබෲ,  ප‍්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර ප‍්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ ප‍්‍රදේශයට කැලිකසල බැහැර කිරීමට අමතරව විවිධ පුද්ගලයින් විසින් ඒ තුළ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුකරන බවයි.

මෙහිදී වගඋත්තරකාර කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විසින් මුතුරාජවෙල ප‍්‍රදේශයට කැළිකසළ බැහැර කිරීම සිදු නොකරන බවත් කෙරවලපිටිය ප‍්‍රදේශයට ඒවා රැුගෙන යාම සිදු කරන බවයි.

 ඉදිරිපත් වී තිබෙන කරුණුවලට අනුව මෙම පෙත්සම  සමථයට පත් කිරීමට හැකියාවක් නොමැති බව තීරණය කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම මැයි මස 28 වන දා විභාග කිරීම සඳහා දින නියම කරන බව ද  නිවේදනය කළා.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot