උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

රත්තරන් තොගයක් කටුනායක දී අත් අඩංගුවට .



රත්තරන් තොගයක් කටුනායක දී අත් අඩංගුවට .

              රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු , ගුවන් තොටුපළ ලොබි ශාලාවේ ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 1/23 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

             මෙම ජාවාරම්කරුවන් පිරිස අතරින් දෙදෙනකු කොළඹ දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ යන ප්‍රදේශවල පදිංචි 28 හැවිරිදි වියේ පසුවන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකි . ඔවුන් සමග සිටි දරුවා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිංහල ජාතික පිරිමි දරුවෙකි .

              ඔවුන් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පිවිසීම සදහා ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර තුනක් ලබා ගෙන , ගුවන් තොටුපළ තුළට පැමිණ ,  විදේශයකින් පැමිණි කිසිවෙකුගෙන් මෙම රත්තරන් තොගය ලබා ගෙන , 1/23 දින අලුයම 3.30 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට යෑමට සූදානම් වෙමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

                එහිදී මෙම 13 හැවිරිදි කුඩා දරුවා අත වූ ගමන් මල්ලක කිලෝ ග්රැම් 05 යි ග්රැම් 500 ක් පමණ බර වූ මෙම රත්තරන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබුණි .

                 ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot