උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමේ සූදානමක්.

මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමේ සූදානමක්.

තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ නීතිය ඇතුලූ මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමේ මූලික අදියරේ කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මාධ්‍යවේදීන් , වෛද්‍යවරුන් ඇතුලූ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත පුද්ගලයන්ට පහසුවන ආකාරයෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ නව ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට  මෙම සංශෝධන යටතේ අවධානය යොමුවී ඇති බවයි එම කොමිසම් සභාව සඳහන් කළේ.
දැනට තැපැල් ඡුන්දය සඳහා සුදුසුකම් නොලබන එහෙත් අත්‍යාවශ්‍ය සේවාවල නිරත පුද්ගලයන්ටද තැපැල් ඡුන්දය සඳහා අවස්ථාව දීමට හෝ වෙනත් සුදුසු විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් කොමිෂන් සභාව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

මේ අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට ඡුන්දය භාවිත කිරීමට අවසර දීම සහ මැතිවරණ වියදම් සීමා කිරීමට අදාල සංශෝධන සඳහා නීති කෙටුම්පත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අදාල සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීම දක්වා වූ ඉදිරි පියවර කඩිනමින් අවසන් කිරීම කොමිෂන් සභාවේ අරමුණ වී තිබෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot