උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

විල්පත්තු නඩුවේ විභාගය කල් යයි

විල්පත්තු නඩුවේ විභාගය කල් යයි  


විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිිිත වනාන්තර කලාපය හෙළිකර අනවසර ලෙස නීති විරෝධී ඉදිකිරීම් සෑදීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම මුලින්ම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ එම පෙත්සම අද යළි කැඳවීම නිසා එහි විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට තීරණය වුණා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද පෙරවරුවේ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

මෙම නඩුව විභාග කිරීම තමන් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එය විනිසුරු ජනක් ද සිල්වා මහතා හමුවට යොමු කරන බව එහිදී අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව යළි පෙත්සම විනිසුරු ජගත් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එය ලබන 27 වන දා යළි කැඳවන ලෙසත් එදින එය විභාග කිරීම සඳහා දින නියම කරන බවත් විනිසුරු ජනක් ද සිල්වා මහතා නියම කර තිබෙනවා.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවයි ෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ.

 එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා.

මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot