උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

උපාධිධාරීන් හය දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා

 උපාධිධාරීන් හය දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා

රාජ්‍ය සේවයට පුහුණු අභ්‍යාසලාභීන් ලෙස සඳහා බඳවාගත් උපාධිධාරීන් හය දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි. එම අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, එම අභ්‍යාසලාභීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා විශේෂ මණ්ඩල 10 ක් මේ වන විට පත්කර ඇති බවයි.

පසුගිය රජය සමයේ බඳවා ගත් මෙම පිරිස මේ වන විට වසරක පුහුණු කාලය නිමාකර තිබෙනවා. එබැවින් එම පිරිස ස්ථිර සේවකයින් ලෙස බඳවාගෙන කි‍්‍රයාකාරීව සංවර්ධන කාර්ය සඳහා දායකකර ගැනීම රජයේ අපේක්‍ෂාවයි.

එමෙන්ම  රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් තවත් උපාධිධාරීන් පිරිසක් ස්ථිර සේවයේ පිහිටුවීමට අදාළව මූලික සාකච්ඡුා මේ වන විට සිදුවෙමින් පවතින බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot