උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

පේදුරුතුඩුවේ අතුරුදහන්වු ළමුන් තිදෙනා කෝවිලක සිටියදී සොයාගනියි.

පේදුරුතුඩුවේ අතුරුදහන්වු ළමුන් තිදෙනා කෝවිලක සිටියදී
සොයාගනියි.


යාපනය,පේදුරුතුඩුව,නාගර් කෝවිල් ප්‍ර දෙශයේ පදිංචිව සිටියදී ඊයේ(18) අතුරුදහන්ව
ඇති බවට පොලිසිය වෙත දැනුම්දුන් ළමුන් තිදෙනා ප්‍ර දේශයේ කෝවිලක සිිටියදී
සොයාගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ කලියුගමූරතී මදූෂන් නමැති වයස අවුරුදු 10 ක
දරුවෙකු,පුෂ්පකුමාර් සෙල්වකුමාර් නමැති වයස අවුරුදු 10 දරුවෙකු හා සන්දියෝ දනුෂන්
නමැති වයස අවුරුදු 17 දරුවෙකු එලෙස අතුරුදහන්ව ඇති බවට පේදුරුතුඩුව පොලිසිය වෙත
දැනුම්දී තිබිණ.
දරුවන් ඊයේ(18) දිනයේ සිට අතුරුදහන්ව ඇති බවට ප්‍ර දේශවාසීන් හා ආරක්ෂක අංශ
විසින් සොයා බැලීම සිදුකරනු ලැබිණ.
අදාළ සොයා බැලීම් අනුව දරුවන් ප්‍ර දේශයේ කෝවිලක සිටින බවට ඊයේ(18) රාත්‍රියේ
තොරතුරු ලද බවද පේදුරුතුඩුව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ දරුවන්ට සිදුවුයේ කුමක්ද යන්න සොයා බැලීමෙන් අනතුරුව දරුවන්
දෙමාපියන් වෙත භාරදීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot