උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

තමනුත් ජනාධිපති ධුරයේ සිට ආ කෙනෙක් හැටියට තමන්ට වුනු දේ අද ගෝඨාබය ජනාධිපතිවරයාට සිදුව ඇත

තමනුත් ජනාධිපති ධුරයේ සිට ආ කෙනෙක් හැටියට තමන්ට වුනු දේ  අද ගෝඨාබය ජනාධිපතිවරයාට සිදුව ඇත 
පක්ෂය ලංකාවෙන්ම ලබා ගත් ලක්ෂ දහා හතක පමණ චන්දය ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න පැහැදිලි ලෙසම ශක්තියක් වුන බවත් ඒ පිළිබධව අද කවුරුත් කතා නොකරන බවත් තමනුත් ජනාධිපති ධුරයේ සිට ආ කෙනෙක් හැටියට තමන්ට වුනු දේ  අද ගෝඨාබය ජනාධිපතිවරයාට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු බලය නොමැති බවත් එය ලබා ගැනීමට එක්ව තරග කරන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (18) පොලොන්නරුව හිගුරග්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.

පොලොන්නරුවදිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කය දේශපාලන කටයුතු වලදී ,විශේෂයෙන් දේශපාලන නායකත්වය තිබුනේ මේ දිස්ත්‍රික්කයට,එදා සි.පි ද සිල්වා ඇමති තුමා 1952 දී ,පොලොන්නරුව දිස්ත්‍රික්කය තරග කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදිහට තේරී පත් වෙලා ,1956 දී බණ්ඩාරනායක අගමැති වරයාගේ යටතේ මන්ත්‍රී වරයෙක් විදිහට තේරී පත් වෙලා නවසිය හැත්තාව වෙනකම් ,එතුමා මේ රටේ ඇමති වරයෙක් වගේම දිස්ත්‍රික්කයේ ඇමති වරයෙක් විදිහට හිටියා,එදා මට ජනතාව දීපු බලය මම ජනතා සේවයට පාවිච්චි කළා ,මට හුගක් කරපු වැඩ ගැන සතුටු වෙන්න පුළුවන්  පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල ,රුපියල් කොටි දාහකට වැඩිය මම වැවු ප්‍රතිසන්ස් කරණය කෙරුවා,මම තමුන් නාන්සේලාට දින වකවානු එක්ක ඒවා එවන්න ගිය වියදම් එවන්න බලාපොරොත්තු වෙනවා.මේ සමහර අය අහනවානේ මොනවද කලේ කියලා,එතකොට ඩි එස් සේනානායක අගමැති තුමාගෙන් පස්සෙන් මහා වැවු ටික ඉතා විශාල වියදමක් දරලා ප්‍රතිසන්ස් කෙරුවේ මම මේවට තියෙන ජල ප්‍රශ්නය ඔබ හොදින් දන්නවා මගේ තාත්තාටත්  කුබුබුරු අක්කර පහක් ටියෙනවා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අද උදෙත් ගියා ඒ ඇත දැකීම මටත් තිබෙනවා,වතුර නැතුව කොච්චර දුක් වින්දද සුන්ගාවිල,තබාල,මැදිරිගිරිය යන ප්‍රදේශ වල ජනතාව වතුර බෙදා ගන්න බැරිව,ගහගෙන වෙඩි තියාගෙන කපාගෙන උදලු වලින් කොටා ගෙන.වතුර හරවන්න ගිහිල්ල මේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ආර්ථික සංවර්ධනයේ කෙදජනකිය සිදුවීම් රාශියක් තිබෙනවා.දැන් මේ ලස්සනට තිබෙන සංවර්ධනය හිගුරග්ගොඩ  පොලොන්නරුව මේ ලස්සනට තියෙන සංවර්ධනයේ පරිවර්තනය  එදා මේ දිස්ත්‍රික්කය ගොඩ නගන්න ආපු ගොවි පියවරු එදා 1949 වැනි ගණන්වල මේ මහා වනාන්තර එලි පෙහෙළි කරලා ජිවිත පරිත්‍යාග කළා .එදා මුල් පදිංචි කරුවන් වන ඔබේ  මුතුන් මිත්තන්ගේ සුසුමින් කදුලින් දහදියෙන් ජිවිත පරිත්‍යාගයෙන් තමයි මේ පොළොන්නරුවේ අද සංවර්ධනය තිබෙන්නේ,මෙතන මුල ඇල්ලුවේ එයාලා එයාලගෙන් බිහි වෙච්ච දරුවෝ විදිහට අපි දෙවැනි පරම්පරාව,තුන් වැනි පරම් පරාව හතර වැනි පරම් පරාව,දැනම් ඉස්සෙල්ල අවුරුදු 60 කට ඉස්සෙලා පොලොන්නරුව කොහොමද 50 ට ඉස්සෙල්ල පොලොන්නරුව කොහොමද අවුරුදු 30 ට කලින් පොලොන්නරුව කොහොමද දැන් අවුරුදු පහකට ඉස්සෙල්ල පොලොන්නරුව කොහොමද අද කොච්චර වෙනස් වෙලා තියෙනවද ඉතින් මොරගහ කන්ද කළු ගග ජලාශය මේ රටේ සිහිනයක් වෙලා තිබුනේ,අවුරුදු 60 ක් කතා කළා,ඒ සිහිනය තමයි මම සැබෑ කලේ ඒ නිසා අද  පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයද අධ්‍යාපනයෙන් පාසල්ද ,සෞක්‍ය සේවයද ඒ සියල්ල ගත්තම ලංකාවේ අනෙක් දිස්ත්‍රික්ක වලට වැඩිය සංවර්ධනයක් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක ,මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා ,සෞක්‍ය අමාත්‍යංශයේ ඉද්දි මහවැලි අමාත්‍යංශයේ ඉද්දි රැකි රක්ෂා දීල තිබෙනවා ,මහවැලි ඇමති විදිහට අවුරුදු 17 ක් වරින් වර වැඩ කරලා තිබෙනවා.ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කල යුතුද කියන කාරනාව අවධානයට ගන්න  ඕනේ ,16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ්ස ජනාධිපති තුමා ජයග්‍රහණය කළා එකට අපි සියලු දෙනා කැප වුනා සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා එතුමාගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා නගර සභා ලංකාවෙන්ම චන්දෙ ගත්තේ ලක්ෂ දහා හතට වැඩි ගණනක් ගොටභය මහත්තයා ජයග්‍රහණය කරන්න ඒ ලක්ෂ දහා හත සැබෑවට පැහැදිලි ලෙසම ශක්තියක් වුනා ශක්තියක් වුනා කිසිම විවාදයක් නෑ,සමහර අය ඒව,ඒවා කියන්නේ නෑ,නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස ගත්තම රටට අවශ්‍ය ප්‍රතිපත්හි සංවර්ධනය මේ කටයුතුන්කරන්න අපි ආණ්ඩුවක් විදිහට සැරසෙන්න ඕනේ ,දැන් මාර්තු මාසයේ තුන් වැනිදා ලබන පාර්ලිමේන්තුව විසිරෙනවා අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා.අපි පක්ෂේ එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා ,අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ මම ජනාධිපති දුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ ,මොකක්ද ඒ මම ජනාධිපති වෙච්ච වෙලාවේ ඉද්දි පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුනේ මහින්ද රාජපක්ෂ  මහත්තයාට ,මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුනා පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා එයාට 47 යි තිබුනේ පාරිමෙන්තුවේ.නමුත් ඒ පලවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැති තුමා ,2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න ,ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුනා.දැන් අද ගොටභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ,ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ ,අපෙර්ල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ,මේ රටේ තිබෙන මුලික ප්‍රශ්න වලට සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ ,දැන් මේ රටේ තියෙන මුලික ප්‍රශ්නය දන්නාවා ආර්ථිකය දුගී  කම,ඒ වගේම සමාජයේ පැතිරෙන මත් ද්‍රව්‍ය ,කුඩු හැදෙන ලෙඩ රෝග වගේම ඒවාට සැලසුම් වගේම යහමත් හික්මීමෙන් යුතු රටක් ගොඩ නැගීම අරමුණ වෙන්නේ,අපිට එවිට රටක් විදිහට සතුටින් ඉන්න පුළුවන් 









                                                   


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot