උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවත් අතර ඇති වෙනස

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවත් අතර ඇති වෙනස

එම්.සී.සී ගිවිසුම ගැන එ.ජා.ප.යේ දිව දෙකේ ස්ථාවරය
එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එ.ජා.ප මන්ත්‍රීවරුනුත් දැන් නිතරම
එම්.සී.සී ගිවිසුම ගැන කථාකරති. එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම
ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා ප්‍රසිද්ධ වේදිකාවේ
කියයි. පසුගිය සතියේ එක්සත් ජාතික පක්‍ෂ, විපක්‍ෂ නායකවරයා අතිපූජනීය මහා
නාහිමිවරුන් ඉදිරියේද එම්.සී.සී ගිවිසුම ඉරා දැමිය යුතු බව කියා සිටියේය. එ.ජා.පයේ සෙසු
මන්ත්‍රීවරුන්ද ඊට සමාන ප්‍රකාශ කරමින් සිටී. මේ ප්‍රකාශ අසා මම මවිතයට පත්
වුණෙමි. වර්තමාන විපක්‍ෂ නායකවරයා මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතික
පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් එ.ජා.ප කැබිනට් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකු
විය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම එ.ජා.ප කැබිනට් මණ්ඩලය එම්.සී.සී
ගිවිසුම අත්සන් කිරීමට නිල වශයෙන්ම තීන්දු කළේය. එම ගිවිසුම ජනාධිපතිවරණයට කළින්
අත්සන් කරන බවත් එ.ජා.ප අග්‍රාමාත්‍යවරයා මාධ්‍යට පවසා සිටියේ ය.
එම අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයාව සිටි මම, ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට
තරයේ පවසා සිටියේ පාර්ලිමේන්තුවට නොදන්වා, ජනතාවටත් මේ ගිවිසුමේ අන්තර්ගතය
හෙළි නොකර, කිසිසේත්ම මෙය අත්සන් නොකළ යුතු බවයි. තවද ජනාධිපතිවරණයට දින
ගණනක් තිබියදී මේ ආකාරයට විදේශීය රටක් සමඟ ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරිම
සදාචාර සම්පන්න නොවන බවද මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි. එම්.සී.සී ගිවිසුම ගැන
තීන්දුවක් ගැනීම ජනාධිපතිවරණයෙන් පසුව, ජනවරම ලැබු පාර්ශවය සිදුකල යුතු බවද මම
අවධාරණය කලෙමි. ඒ අවස්ථාවේදී එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකයා හා ප්‍රධාන කැබිනට්
මණ්ඩල සාමාජිකයෙකු වූ වත්මන් විපක්‍ෂ නායකවරයා සිටියේ සම්පුර්ණයෙන්ම නිහඩවය.
එ.ජා.ප.යේ ජනාධිපති අපේක්‍ෂකයා වූ ඔහු අඩුම වශයෙන් ජනාධිපතිවරණ වේදිකාවේදී වත්
එම්.සී.සී ගිවිසුම ගැන වචනයක්වත් කියනු අපි අසා නැත.
තමන්ගේ ආණ්ඩුව එම්.සී.සී ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ
අත්සන් කිරීමට සැරසෙද්දි වචනයකින්වත් එම ක්‍රියාදාමයට එරෙහි නොවි සිටි වත්මන්
විපක්ෂ නායකවරයා, අලුතින් පත්වූ ආණ්ඩුවට එම්.සී.සී ගිවිසුම ගැන දැනමුතුකම් කියමින්
රට වටේම යයි. දේශපාලනයේදී අවම සදාචාරයක්වත් තිබිය යුතුය. එ.ජා.ප ආණ්ඩුව
ජනාධිපතිවරණයට දවස් ගණනක් තිබියදී අත්තනෝමතික ආකරයට මේ ගිවිසුම අත්සන්
කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ, එය වැලැක්වීමට උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේට

උපවාස කිරීමට සිදුවූ හැටි අපට මතකය. එ.ජා.පය තුළ සිටින වත්මන් විපක්ෂ
නායකවරයාගේ පාර්ශවයේ ප්‍රබලම නායකයෙකු වන මංගල සමරවීර හිටපු මුදල්
ඇමතිවරයාත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන්
කිරීමට පක්‍ෂ විය. එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් එ.ජා.ප.යේ කල්ලි දෙකම හිටියේ එකම
ස්ථාවරයකය.
ඒ සියල්ල ජනතාවට අමතක වී ඇතැයි සිතා එම්.සී.සී ගිවිසුම ගැන එ.ජා.ප විපක්ෂ
නායකවරයා දැන් කරන කථා වලින් ඔවුන්ගේ දේශපාලන සදාචාරය කෙබදුදැයි ජනතාවට
පැහැදිලි විය යුතුය. එ.ජා.ප කැබිනට් මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ
අනුමත කරපු එම්.සී.සී ගිවිසුමේ අන්තර්ගතය හදාරා බලා වාර්තා කිරීම පිණිස
ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත්කොට ඇත. එම කමිටුවේ වාර්තාව සලකා බලා මේ
සම්බන්ධයෙන් ගන්න පියවර කුමක් දැයි, කැබිනට් මණ්ඩලය ඉදිරියේදී පාර්ලිමේන්තුවත්
මහජනතාවත් දැනුවත් කිරීමට පියවර ගනු ඇත. අපේ ආණ්ඩුව මොනම හේතුවකටවත් මේ
වගේ ගිවිසුම් පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, හොරෙන් අත්සන් කරන්නේ නැත. අපේ
ආණ්ඩුව රටට අහිතකර කිසිඳු ගිවිසුමකට අත්සන් කරන්නේත් නැත. එ.ජා.පය ප්‍රමුඛ
පාර්ශවයත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවත් අතර ඇති වෙනස එයයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot