උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 3 January 2020

හෝන් හඬට තහනමක්

හෝන් හඬට තහනමක්

අධික ශබ්දයෙන් නලා හඬවන බස්රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සූදානම් වනවා.

ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය හා ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ අධික ශබ්දයෙන් නලා හඬවන රියදුරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

මගී ප්‍රවාහන බස්රථවල නලා ප්‍රමිතියෙන් තොර බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඇතැම් නලා නෞකාවල සවිකර ඇති නලාවලටත් වඩා අධික ශබ්දයකින් යුතු බව මෙහිදී ඇතැම් නිලධාරීන් පෙන්වා දී ඇති කාරණයයි.

ඒ අනුව ජාතික පරිසර පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව නලා භාවිත කිරීමට බස් හිමියන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot