උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 3 January 2020

වසර 27 ට පසු මන්තී‍්‍ර වූ රනිල්.

වසර 27 ට පසු මන්තී‍්‍ර වූ රනිල්.

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවන සභාවාරය ආරම්භ වූ අද දිනයේ තවත් විශේෂ කාරණයක් නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට හැකිවුණා.

1993 වසරේ සිට මේ දක්වා වූ වසර 27 කට ආසන්න කාලසීමාව තුළ
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස අසුන් ගැනීමට සිදුවීම එම විශේෂ කාරණයයි.

1993 වසරේ මැයි 7 වනදා ඔහු පළමුවරට අගමැතිවරයා ලෙස පත්වුණා.

1994 වසරේ සිට 2000 දක්වා පාර්ලිමේන්තු වාර කිහිපයකදී අඛණ්ඩවම
විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා 2001 වසරේ දී නැවතත් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්වනවා.

නැවතත්, 2004 වසරේ සිට 2015 දක්වා වූ කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ භූමිකාව පැවරී තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාටයි.

එමෙන්ම, 2015 වසරේ සිට පසුගිය නොවැම්බර් 16 වනදා ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කළා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග රජයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ අතර එහිදී මෙතැන් සිට විපක්ෂ නායක ධුරයේ වගකීම සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරීමටයි තීරණය කළේ.

මෙම තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ තනතුරු දැරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර එමගින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට පමණක් සීමා වී තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot