උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 3 January 2020

දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජනපතිගෙන් සහතිකයක්.

දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක්

සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක්
ස්ථාපනය කරන බවට ජනපතිගෙන් සහතිකයක්.

 රටේ භූමිය හෝ භෞතික සම්පත් කිසිවිටෙකත් අන් රටවල්
සතු නොකරන බවට ප්‍රතිඥා ...
.
 අභියෝග ජය ගනිමින් ඉතිහාසය වත්මන් පරපුර වෙත පවරා
ඇති වගකීම භාරගන්නට එක්වන්නැයි ඉල්ලීමක්.

 රටේ සුරක්ෂිතතාව, ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය තහවුරු
කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කළ යුතුයි.

 “සෞභාග්‍යයේ දැක්ම” ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථික
ප්‍රතිපත්තියකට ..

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ
රටක් හමුවේ දනින් නොවැටෙන, දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින්
සෑම රටක් සමඟම සම තත්ත්වයෙන් ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත
පාලනයක් ස්ථාපනය කරන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.
අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද (03) පෙරවරුවේ විවෘත කළ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති
ප්‍රකාශය සභාගත කරමින් එසේ ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
පාර්ලිමේන්තුවට අයත් සාමාජිකයකු ලෙස මැතිසබයට පැමිණි පළමු අවස්ථාව
මෙයයි.
පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා කථානායක කරු ජයසූරිය
මහතා විසින් පිළිගනු ලැබිණ.
රටේ භූමිය හෝ භෞතික සම්පත් කිසිවිටෙකත් වෙනත් රටවල් සතු නොකිරීම
සිය ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය
කළේය. “එම අරමුණ කරා යන ගමනේ දී ජාතියක් ලෙස එක්ව ක්‍රියා කිරීම ඉතා
වැදගත් වේ. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික
වගකීම භාරගන්නට තමා සමඟ එක්වන්නැයි” ජනාධිපතිතුමා සියලුදෙනාගෙන්
ඉල්ලා සිටියේය.
2019 නොවැම්බර් 16 දා පැවති ජනාධිපතිවරණයේ දී ජනතාව පැහැදිලි
ජනවරමක් ලබා දී තිබේ. තමා ගැන තැබූ විශ්වාසය කිසි අයුරකින් කඩ
නොකොට, ජනතාවටට දුන් පෙරොන්දු ඉටුකිරීමට සිය රජය ඇප කැප වන බව
ජනාධිපතිතුමා අවධාරණය කළේය. රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල
වෙනසක් ඇති කිරීම ජනතාවගේ අපේක්ෂාව විය. ජාතිවාදය මත පදනම් වූ
දේශපාලන න්‍යාය පත්‍රය මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළහ.
පටු දේශපාලන අරමුණු මුල් කරගෙන ජාතීන් අතර බේද වපුරනවා වෙනුවට
එකට එක්වී ජාතිය ගොඩනැඟීමේ කර්තව්‍ය සදහා එකතුවන ලෙස ජනාධිපතිතුමා
සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බව පැවසු ජනාධිපතිතුමා තම
අභිමතය පරිදි ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස සුරකින බවට සහතික විය.

“අතීතයේ දී පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගන්නට මන්ත්‍රීවරු උත්සාහ
කළහ. එම ඉතිහාසය ආවර්ජනය කරමින් ජනතාවගේ සැබෑ ගැටලු සහ ජාතික
ප්‍රතිපත්ති සංවාදයට ලක් කෙරෙන ආදර්ශමත් ස්ථානයක් බවට පාර්ලිමේන්තුව
යළි පත්කරගත යුතු බව” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
“නිදහසින් පසු වසර 70ක කාලයක් ගත වී ඇත. එහෙත් රට අත්කරගෙන ඇති
සංවර්ධනය ගැන සෑහීමකට පත්විය නොහැක. එම තත්ත්වය වෙනස් කරන්නට
සියලුදෙනා සූදානම් විය යුතුය. ලැබී ඇති තනතුරු වරප්‍රසාදයක් නොව වගකීමකි”
එය සිහියට ගනිමින් ජනතා සේවය ඉටුකිරිම මහජන නියෝජිතයන්ගේ වගකීම
බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
“ජනතාවට හඳුන්වාදුන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නංවමින්
බදු බර ලිහිල් කෙරිණි. විනිවිදභාවය, කාර්යක්ෂතාව සහිත පරිපාලන
යාන්ත්‍රණයක් සකසමින් පවතී. අනවශ්‍ය රාජ්‍ය වියදම් කපාහැරීමට පියවර රැසක්
ගෙන තිබේ. ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දී ඇත. ඒ වෙනුවෙන්
දක්ෂ නිලධාරින්ට වගකීම් පවරනු ලැබීය”
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් බුද්ධි
අංශ ජාලය ප්‍රතිසංවිධානය කර ශක්තිමත් කෙරිණ. එසේම මවුබිම
ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරම්වලින්, සොර බියෙන්,
කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර
සුරක්ෂිත රටක් කරන්නට සියලු පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය
කළේය.
සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යා
යුතුය. දුප්පත්කම නැති කිරිම තම රජයේ ප්‍රමුඛතාවකි. ජනතාව දුප්පත්වීමට
හේතු වටහා ගෙන විසදුම් සෙවිය යුතුය. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක් කර
ගනිමින් පළමු අදියර ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට
රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා සඳහන්
කළේය.
“සෞභාගයයේ දැක්ම තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම රජයේ
අරමුණයි. රජයේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා
සංවර්ධනය පිළිබඳ දැනුවත් වීමෙන් ඊට පහසුවෙන් ළගාවිය හැකිය. රාජ්‍ය
ආයතන තුළ තාක්ෂණ භාවිතය ප්‍රචලිත කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.
සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකටම බෙදීයාම සහතික කිරිම සඳහා
ප්‍රතිනාගරීකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
අධිවේගි මාර්ග පද්ධතිය මෙන්ම මහ මාර්ග පද්ධති දියුණු කර වේගවත් ආර්ථික
සංවර්ධනයකට ළගාවීමට සැලසුම් කර තිබේ. අධිවේගී අන්තර්ජාල හා
සංනිවේදන පහසුකම් ලබාදීම ප්‍රමුඛතාවකි. මෙරට පමණක් නොව අප්‍රිකානු
කලාපීය රටවලින් ගෙනන මැණික්වල අගය වැඩි කොට අලෙවි කළ හැකි
ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළෙද සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට පියවර
ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීමේදී ලෝකයේ
ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අපේක්ෂා කරන බව

ජනාධිපතිතුමා අවධාරණය කළේය. රටක් වශයෙන් ඇති වටිනාම සම්පත
අනාගත පරපුරයි. එහෙයින් මානව සම්පත් සංවර්ධනය රජයේ මූලික වගකීමක්
ලෙස හඳුනාගෙන ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
“ප්‍රජාතන්ත්‍රවාදී රටක සාර්ථකත්වය රඳා පවතිනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතය.
1978 සිට 19 වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වී ඇත. එහි ඇති
අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය කර
තිබේ. එහෙයින් රටේ සුරක්ෂිතභාවය, ස්වෛරීත්වය, ස්ථාවරභාවය සහ
ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදු
විය යුතුම බව” ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයට
සවන් දීමට රැස්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot