උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 4 January 2020

දැරියකට තැලූ ග‍්‍රාමසේවක අම්මාගේ වැඩ කහනම්


දැරියකට තැලූ ග‍්‍රාමසේවක අම්මාගේ වැඩ කහනම්

නිකවැරටිය ප‍්‍රදේශයේ බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීයට සම්බන්ධ වූ බව කියන ග‍්‍රාමසේවා නිලධාරිනියගේ වැඩ තහනම් කිරීමට අදාල කි‍්‍රයාමාර්ග ගන්නැයි රජය කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පලකළා.

නිකවැරටිය, ගනේගොඩ යාපලාන, අංක 40 ගම්මානයේ නිවසක් තුළ සිදු වූ මෙම සිද්ධිය පිළිබඳ නීතිය කි‍්‍රයාත්මක කිරීමට හැකි වුණේ අදාල දැරියට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිසිවෙකු විසින් ෆේස්බුක් ඔස්සේ ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රතිපලයක් ලෙසයි. ඇතැම් නාළිකා මෙම සිද්ධිය ඔවුන් විසින් අනාවරණ කළ කාරණයක් ලෙස උලූප්පා දැක්වීමට උත්සාහ කරන තත්ත්වයක්ද නිරීක්‍ෂණය කළ හැකියි.

මෙම පහරදීම සිදුකර ඇත්තේ අදාල දැරියගේ පියාගේ දෙවැනි බිරිඳයි. පසුව එම පහරදීමට සම්බන්ධ වී ඇත්තේ එම ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරිනියයි.  එමෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot