සිවිල් ආරක්‍ෂකයින් ආරක්‍ෂක රාජකාරියෙන් ඉවත්කර කුඹරට බස්සයි.
කොළඹ නගරයේ රාජ්‍ය ආයතන 137 ක ආරක්ෂාව සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වහාම ඉවත් කර ගැනීමට තීරණය කළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසනවා. ලබන මස අග සිට එම නිලධාරීන් අදාළ අයතනවල ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර ගන්නා බවයි ඔහු කියා සිටියේ. ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව එම කි‍්‍රයාමාර්ග ගත් බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
සිවිල් ආරක්ෂක සමාජිකයින් ඔවුන් පදිංචි ප‍්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු, පන්සල්, පාසැල්වල ඉදිකිරීම් කටයුතු ඇතුළු සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා දායක කර ගැනීම රජයේ අපේක්‍ෂාවයි. ඒ වෙනුවේ විශේෂ වැඩපිළීවෙලක් ඉදිරියේදී හදුන්වාදෙන බවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.
No comments:
Post a Comment