උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

හැටන් නල්ලතන්නිය ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරිමට පොලිසිය පියවර ගනි.


හැටන් නල්ලතන්නිය ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර
කිරිමට පොලිසිය පියවර ගනි.
කොවිඩ් 19 වෛරසය පැතිර යාම අවම කිරිම සදහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද
වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ව නල්ලතන්නිය වෙත
ඇතුලත් නොකිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා දෙස් විදෙස් සංචාරකයන් විශාල
පිරිසක් පසුගිය දින කිහිපය තුලම හැටන් මාර්ගය ඔස්සේ පැමිණිම නිසා නල්ලතන්නිය
නගරය වෙත සංචාරකයන් සහ වන්දනාකරුවන් ඇතුල් වන බගවන්තලාව , නොර්වුඩ් ,
හැටන් , නෝටන්බ්‍රිජ් , කළුගල සහ දියගල යන ස්ථාන වල පොලිස් නිලධාරින් මාර්ග
බාධක යොදවා ශ්‍රි පාද වන්දනාවේ වාහනවලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්
ආපසු හරවා යැවිමට (19) දින සිට පොලිසිය පියවර ගෙන ඇත.
හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා හැටන්
දුම්රිය ස්ථානයේ සිට දෙස් විදෙස් සංචාරකයන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කරන
ලංගම , පෞද්ගලික බස් රථ , ත්‍රිරෝද රථ සහ වැන් රථ ධාවනය කිරිම තාවකාලිකව
නතර කිරිමටද පියවර ගනු ලැබුහ.
හැටන් දුම්රිය ස්ථානයේ නල්ලතන්නිය දක්වා සංචාරකයන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද
රථ රියදුරන් සහ වැන් රථ රියදුරන් දැනුවත් කරමින් කියා සිටියේ කොවිඩ් 19 වෛරසය
පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින නිසා එම වාහන වල රියදුරන් සහ ඔහුන්ගේ
පවුලේ ඥාතින්ගේ ආරක්ෂාව සහ රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා නල්ලතන්නිය දක්වා
සංචාරකයන් ප්‍රවාහනය කිරිම තාවකාලිකව නතර කරන ලෙසයි.
පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිමට එකග වු ත්‍රිරෝද රථ රියදුරන් සහ වැන් රථ රියදුරන්
කියා සිටියේ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිමට පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.
හැටන් දුම්රිය ස්ථානය වෙත ළගා වෙන සැම දුම්රියක්ම පැමිණිමෙන් පසු කොවිඩ් 19
වෛරසය පැතිර යාමේ අවධානම පිලිබදව සහ හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය
දක්වා කිසිදු ප්‍රවාහන පහසුකමක් සිදු නොකරන බවට සිංහල සහ ඉංග්‍රිසි භාෂාවෙන්
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කිරිමටද හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කටයුතු
කර ඇත.
දින දෙකකට පසු දුම්රිය ගමන් ගන්නා මගින්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට දුම්රිය
ස්ථානාධිපතිවරුන් කටයුතු කරනු ලැබුවා.
මේ අතර දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පිවිසෙන හැටන් දුම්රිය ස්ථානය හැටන්
දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් ජිව අනුහරණය කිරිමට පියවර ගැනුණි.

ශ්‍රි පාදය සංචාරය කිරිම තුලින් කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක්
පවතින බවට සෞඛ්‍යය අංශ විසින් හදුනාගෙන ඇත.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot