ගෝඨාභය රාජපක්ෂ කෙනෙකුට වඩා වගකීම් අකුරට ඉටුකරනවා.
ගෝඨාභය රාජපක්ෂ කෙනෙකුට වඩා රට නිවැරදි මාවතට යොමු කරමින් නායකත්වයක් ජනතාව විසින් අපේක්ෂා කළ බව ජනාධිපතිවරයා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින්.
පින්සල, උදැල්ල, නඟුල අතට ගත් තරුණ පරපුර මේ වන විට
රට ගොඩනැගීමට ඉදිරියට පැමිණ ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ගතවූ වසර 5 තුළ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක් ගොඩනැගීමේ කාර්යයට සියලුදෙනා දායක විය යුතු බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවා.
කාර්යක්ෂම හා ලාභ ලබන රාජ්‍ය සේවකයක් වයස අවුරුදු 20 දී රැකියා හිමිවන සමාජයක් ඇති කිරීම තම අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
No comments:
Post a Comment