උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන් කිරිමේ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් සත්‍යග්‍රහයක නියැලෙයි.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන්  කිරිමේ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරයෙක් සත්‍යග්‍රහයක නියැලෙයි

යහපාලන රජය විසින් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාශය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන්
කිරිමේ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස
බලකරමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා
මන්ත්‍රිවරයෙක් සත්‍යග්‍රහයක නියැලෙයි.
යහපාලන රජයේ සිමා නිර්ණය අනුව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාශය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන් කල අති විශේෂ
ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස බල කරමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ
ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ මහතා ගිනිගත්හේන
ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයට පිවිසෙන කාර්යාලයේ සත්‍යයග්‍රහයක
නියැලි සිටියා.
(23) දින පස්වරු 2 සිට 3 දක්වා පැයක කාලයක් සත්‍යග්‍රහයක නියැලි සිටි
හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටින්නේ අංක
21/47/28/2019.ඔක්තොම්බර්.29 නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රයක්
මගින් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අමතරව නොර්වුඩ්
ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය වශයෙන් කොටස් දෙකකට වෙන් කර ඇති
බවයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ
එකම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් තුල සහජිවනයෙන් දිගු කලක් ජිවත්
වු ජනතාව නව බෙදිම අනුව දෙකට වෙන් වි ඇති බවයි.
වතුකරයේ බෙදුම්වාදයට කැමති ඇතැම් දේශපාලඥයින් විසින් ඔහුන්ගේ ජන්ද
පදනම වැඩි කර ගැනිමේ අරමුණින් සිමා නිර්ණය කර ඇති බවත්, ඉන් අනතුරුව
පාරිපාලනමය වශයෙන්ද එකම පරිපාලනයක් යටතේ තිබු ප්‍රදේශය
පරිපාලන කොටස් දෙකක් වශයෙන් වෙන් කර ඇති බවයි.

පරිපාලන කොටස් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දි ශ්‍රි පාදස්ථානය
අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් ඉවත් වි ශ්‍රි පාදස්ථානය
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යයාල බල ප්‍රදේශයට අයත් වන බවද
හෙලප්‍රිය නන්ද රාජ මහතා මෙහිදි වැඩි දුරටත් කියා සිටියා.











No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot