උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

ගොවීන්ට අභිමානයක් ලබා දුන්නොත් අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යා හැකියි

ගොවීන්ට අභිමානයක් ලබා දුන්නොත් අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යා හැකියි


කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ බෙදා දීමේ උත්සවයක් මහවැලි, කෘෂිකර්ම,
වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාලබේ
ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විණ.
මෙහිදී ගරු අමාත්‍යතුමා කෘෂිකර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ කළේය.
"පසුගිය කාලයේ වර්ෂාව නිසා උඩරට එළවළු විනාශ වෙලා. හේන් ගොවිතැනත් විනාශ වුණා. එළවළු මිල
ඉහළ යන නිසා අර්තාපල් වලට අයකරන බද්ද අඩු කළා.
වී ප්‍රශ්නෙදි වුණත් අපි බලන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ කොහොමද කියලයි. ඒවගේම ගොවීන්
ආරක්ෂා කරගන්න. ගොවීන් සාධාරණ මිලක් ලබා දෙන්න.පුත්තලමේ වී ගොවීන්ගෙන් මිලදී ගන්නේ කිලෝවක්
රු.35 ගණනේ කියලා කියනවා මම අහගෙන හිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වැඩි මිලක් ලබා
දෙන්න.
අපේ බලාපොරොත්තුව ගොවීන් සමඟ එකතු වෙලා නිෂ්පාදනය වැඩි කරන්න. කෘෂිකර්ම පර්යේෂණ
නිෂ්පාදන සහකාර තනතුර ඇති කළේ ගොවිතැන පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙන්නයි. ඒ වගේම නිෂ්පාදනය
වැඩි කරන්න, පර්යේෂණ සිදු කරන්න. නමුත් ඒ දේ වෙන්නේ නැති බව පෙනෙනවා.මිචිගන් සරසවියේ සියලු
දෙනා ගොවිබිමට ගිහින් ගොවීන් එක්ක තමයි පර්යේෂණ කරන්නේ. අපේ රටේ ඒ තත්ත්වය අඩුයි. කෘෂිකර්ම
නිලධාරීන්ට රාජකාරියේදී ඉලක්ක ලබා දීලා තියෙනවා. ඒක පහසුයි. ඉලක්ක හඹා යන්න පුළුවන්. වගකීමෙන්
වැඩ කරන්න පුළුවන්.
ගොවි ජනතාවට නව තාක්ෂණය අවශ්‍යයි. හම්බන්තොට වැලිගත්ත පටක රෝපන මධ්‍යස්ථානයක් පටන්
ගත්තා. දැනට එහි ගොවීන් 1000ක් පමණ පුහුණුව ලබනවා. ඒ ගොවීන්ට කොළඹ විශ්ව විද්‍යාලය සමඟ
එකතු වෙලා උපාධියක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ ගොවීන්ට අභිමානයක් ලබා දුන්නොත් අලුත්
තාක්ෂණය සමඟ ඉදිරියට යන්න පුළුවන්.
බටඅත ගොවිපල Agro Tourism සංකල්පය යටතේ දියුණු කළා. හෙළ බොජුන් හල් පටන් ගත්තා. එතනින්
වසවිසෙන් තොර දේශීය ආහාර ලබා ගන්න පුළුවන්. අලුත් ළමයින්ට පරණ දේවල් දකින්න පුළුවන්.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot