උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

තරුණයින් 11 කු පැහැර ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් 13 ට ඇප.

තරුණයින් 11 කු පැහැර ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් 13 ට ඇප.

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි. හිටපු  නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක ඩී .කේ .පී .දසනායක ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළා.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙසේ ඇප නියම කරනු ලැබුවා.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.

මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී නඩුවේ 13 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් විත්තිකරුට සිතාසි භාර දීම පිළිබඳව වාර්තාවක් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට නැවත සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියම කළා

ඉන් අනතුරුව  විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය භාර දීමට සූදානම් වූ අවස්ථාවේදී එය මෙම අවස්ථාවේ නොකරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන අනිල් සිල්වා මහතා විසින් විරෝධතා ඉදිරිපත් කළා.

එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීමට නියම කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot