අලුත් ව්‍යවස්ථාවකින් උතුරයි නැගෙනහිරයි දෙමළ සන්ධානෙට දෙන්න ලෑස්තියි.
සුළු දේශපාලන පක්‍ෂ නැවතත් කැලේට යවමින්, උතුරු හා නැගෙනහිර පළාත්වල සම්පූර්ණ බලය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට වර්තමාන ජනාධීපතිවරයා ප‍්‍රමුඛ රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළා. කැස්බෑව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඔහු පෙන්වා දුන්නේ 21 වන සංශෝධනය ලෙස පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජේදාස රාජපක්‍ෂ මහතා මඟින් එම කුමන්ත‍්‍රණය මේ වන විටත් කි‍්‍රයාත්මක කර ඇති බවයි.
යුතුකම සංවාද කවයද අද මාධ්‍ය හමුවක් කැඳවමින් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලියක් සම්බන්ධයෙන් අදහස් පලකළා. එහි සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත වන පරිදි හා ශී‍්‍ර ලංකාවට ආරක්‍ෂාව සැලසිය හැකි ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතු බවයි.
No comments:
Post a Comment