කෙණෙහෙලිකම් ඉවසන්න බෑ - අපි විකල්පයකට යන්න ලෑස්තියි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් තවදුරටත් කෙණෙිලිකම් සිදුකරන්නේනම් ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. එහි ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අභියෝගවලට මුහුණ දීමට තම පක්‍ෂය සූදානම් බවයි.
මේ අතර පසුගිය ජනාධීපතිවරණයේදී පක්‍ෂයේ තීරණවලට පටහැනි ආකාරයෙන් කටයුතු කරමින් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා වෙත සහය දැක්වීම හේතුවෙන් හිටපු ජනාධිපති චන්දි‍්‍රකා කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ බවද ඔහු පැවැසුවා. ඇයගේ අනුශාසක ධූරය අහෝසි කර නොමැති බවද පැවැසූ රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පෙන්වා දුනනේ පක්‍ෂ නායකත්වය සමග සාකච්ඡුා කර නැවැත සකී‍්‍රය දේශපාලනය සඳහා අවතීර්ණ වීමේ අවස්ථාවක් ඇය සතුව පවතින බවයි.
No comments:
Post a Comment