උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 19 January 2020

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්


රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් ....

Ø හදාරා ඇති විෂයන්ට අනුව අදාළ ක්ෂේත්‍රවල කඩිනම් පත්වීම් ...

Ø  රැකියා ලාභීන්ට දෙස් විදෙස් පුහුණුව ...

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.
දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරමින් පැමිණි පිරිසක්  සමග අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කොට තිබේ. පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කෙරේ.  රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීමට නියමිතය. ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
නුපුහුණු ශ්‍රමිකයන් රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන සාධකය වී තිබේ. සෙසු රටවලට සාපේක්ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත රට තුළ ගොඩනැගී නැත. රටේ ඉදිරි ගමනට ඇති විශාලතම ශක්තිය මානව සම්පතයි. එබැවින් මෙරට බුද්ධිමත් තාරුණ්‍ය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථික වර්ධනයට දායක කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවය දෝෂාරෝපණයට ලක්ව ඇත්තේ සුළු පිරිසක් අතින් සිදුවන වැරදි හේතුවෙනි. එදිනෙදා සිදුවන අතපසුවීම් සමස්ත රාජ්‍ය සේවය අවඥාවට ලක් කර ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ ජනතාව දහදිය මහන්සියෙන් උපයන මුදලිනි. කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් තුළින් තමන්ට වැටුප් ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ ද වගකීම බව ජනාධිපතිතුමා පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රටේ ආර්ථිකය ද දියුණු කළ යුතුය.  ඒ සදහා රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot