වේල්ස් එන්නේ එම්.සී.සී. ගැන කතා කරන්නද ?
අමෙරිකානු විශේෂ නියෝජිතවරියක ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක් පවතින අතර ඇගේ සංචාරය කුමන අරමුණකින් සිදුවන්නේ ද යන්න පිළිබඳ බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම්
ඇලිස් වේල්ස් මහත්මිය ලබන 13 වනදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ විවිධ තත්ත්වයන් පිළිබඳ කාරණා කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීම ඇගේ අරමුණ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
එමෙන්ම, ආන්දෝලනයට තුඩු දී ඇති එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ද ඇගේ අවධානය යොමුවනු ඇති බව ඇතැම් වාර්තාවල දැක්වුණා.
කෙසේවෙතත්, මෙරට වාර්තාවල දැක්වුණේ මානව හිමිකම් යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය උදාකර ගැනීම මෙන්ම කලාපීය කාරණා සහ ද්විපාර්ශවික ගැටලු පිළිබඳ ඇය අවධානය යොමු කර ඇති බවයි.
ඒ වෙනුවෙන් මෙරට ඉහළපෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට ඇය සූදානමින් සිටින බව ද මෙරට වාර්තාවල දැක්වුණා.
No comments:
Post a Comment