ඇමරිකාවෙන් පලිගන්නවා - රවුහානි.
ඉරාන හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කාසිම් සුලෙයිමානි යන අය අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමග ලෝක දේශපාලනය තුළ මහත් කැළඹීමක් ඇති වී තිබෙනවා.
ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා අවධාරණය කර ඇත්තේ මෙම අපරාධය සම්බන්ධයෙන් සහතික ලෙසම අමෙරිකාවෙන් පළිගන්නා බවයි.
ඉරාන රජයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණා.
ඉරාන ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයේ දැක්වෙන්නේ අමෙරිකාව අපරාධකරුවෙකු බවයි.
එමෙන්ම, එම අපරාධකරුවා ඉරානයේ හදවත කම්පාවට පත්කර ඇතැයිද
හසන් රවුහානි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දැක්වෙනවා.
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර දීයි ජෙනරාල් කාසිම් සුලෙයිමානි ගමන්ගත්
රථ පෙළකට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබුණේ.
මෙම ප්‍රහාරයෙන් ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ බලකායක ප්‍රධානියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෙන්ටගනය නිවේදනය කර තිබුණේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අණ පරිදි මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
එමෙන්ම, ඉරාකයේ සිටින අමෙරිකානු භටයින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ මහා මොළකරුවා වන්නේ ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියාව බවත්, පෙන්ටගනය නිකුත් කර තිබූ නිවේදනයේ දැක්වුණා.
කෙසේ වෙතත්, අමෙරිකාව විසින් එල්ල කර ඇති මෙම ප්‍රහාරයෙන් අට දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර ඉරානය හා අමෙරිකාව අතර ඔඩුදුවමින් පවතින විරසකය බරපතල ලෝක තත්ත්වයක් ඇති වීමට හේතුවිය හැකි බව විචාරක මතයයි.
අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරාන හමුදා ප්‍රධානියෙකු මරණයට පත්වීමත් සමග ඊශ්‍රායලයද මහත් කලබලයට පත්ව තිබෙනවා.
ග්‍රිසියේ සංචාරකයක නිරත වෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම සංචාරය අතරමෙග නවතා සියරට පැමිණීමටද පියවර ගෙන තිබෙනවා.
අමෙරිකාවේ සමීපතම මිතුරෙකු ලෙසයි ඊශ්‍රායලය සැලකෙන්නේ.
No comments:
Post a Comment