උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 3 January 2020

කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයක්...




කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයක්


සුරක්ෂිතභාවය, ස්වෛරිත්වය, ස්ථාවරභාවය සහ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවන සභාවාරය විවෘත කළ අවස්ථාවේ සිය ප්‍රතිපත්ති මාලාව රට හමුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක සාර්ථකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත රදාපවතින බවත්, පෙන්වා දුන් ජනාධිපතිවරයා 1978 සිට 19 වතාවක් එහි සංශෝධන සිදුකර ඇති බවද පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අවිනිශ්චිතභාවය සහ ව්‍යාකූලත්වය වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බව ද ඔහු කියා සිටියා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ස්ථාපනය කිරීම රජයේ අරමුණ බවත්, ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා සංවර්ධනය පිළිබඳ දැනුවත් වීම එම අරමුණට පියනැගීමේ ප්‍රධාන මාවත බවද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

තනතුරු, වරප්‍රසාදයක් ලෙස නොව වගකීමක් ලෙස භාරගත යුතු බවද සිහිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් හා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඉතිහාසය විසින් වත්මන් පරපුර වෙත පවරා ඇති ඓතිහාසික වගකීම භාරගැනීමට තමා සමග එක්වන ලෙසයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot