උඩු ගුවනේදී අසනීප වූ ගුවන් මගියාගේ රෝගය හෙළි වෙයි.
ලයන් එයාර් ගුවන් යානයේ පැමිණි මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය බව තහවුරු වී තිබේ.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණවලදි ඒ බව තහවුරු වූ බව ය.
දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මේ අතර, ලයන් එයාර් ගුවන් යානයේදි මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු පසුගිය 15 වැනිදා ඉන්දුනිසියාවට ගෙන ගිය බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පසුගිය 13 වැනිදා අලුයම 2.45 ට පමණ ලයන් එයාර් ගුවන් සේවයට අයත් JT85 දරන එයාර් බස් A330 වර්ගයේ යානය කටුනායක ගුවන්තොටුපොළට හදිසියේ ගොඩ බස්වා තිබුණි.
ඒ, ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු අසනීප වී ඇති බැවින් ප්‍රතිකාර අවශ්‍ය බව පවසමිනි.
කෙසේ වෙතත් එම අවස්ථාව වන විටත් එම මගීන් දෙදෙනා මිය ගොස් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.
එලෙස මියගොස් ඇත්තේ, ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි
No comments:
Post a Comment