බලපත්‍ර රහිතව ගිනි අවියක් ළග තබාගැනීමේ චෝදනාවට අදාළව
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 9 වනදා
යළි කැඳවීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිකරණ භූමිය වෙත
රැගෙන ආවේ විශේෂ ආරක්ෂාවක් ද සහිතවයි.
එමෙන්ම, රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා හිස මුඩු කර අධිකරණයට පැමිණීම ද විශේෂ සිද්ධියක්.
මේ අතර අධිකරණ විනිසුරුවරුන් සමග සිදුකළ සංවාදවලට අදාළව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ඉදිරිපත් වූ මෝසමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.
මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොල මහතා සඳහන් කළේ අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළව පවරා ඇති නඩුව ලබන 29 වනදා කැඳවන බවයි.
එමෙන්ම, රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ
ආශා කහවත්ත මහත්මිය මාධ්‍ය කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද අධිකරණයේ අවධානය යොමු වුණා.
ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා පොලීසියට උපදෙස් දුන්නේ ඇගේ ප්‍රකාශයන් ඇතුලත් හඬපට විද්‍යුත් මාධ්‍ය මගින් ලබාගෙන ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.
No comments:
Post a Comment