උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

ශ්‍රි පාද පුද බිම කේන්ද්‍ර කර ගනිමින් යුධ හමුදා භට පිරිසක් වන්දනාකරුවන් විසින් බැහැර කරඇති පොලිතින් ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍යය ඉවත් කිරිමේ කටයුත්තක නියැලෙයි.







ශ්‍රි පාද පුද බිම කේන්ද්‍ර කර ගනිමින් යුධ හමුදා භට පිරිසක්

වන්දනාකරුවන් විසින් බැහැර කරඇති පොලිතින් ප්ලාස්ටික් ඇතුළු
ඝන අපද්‍රව්‍යය ඉවත් කිරිමේ කටයුත්තක නියැලෙයි.

ශ්‍රි පාද පුද බිම කෙන්ද්‍ර කරගනිමින් ශ්‍රි ලංකා යුධ හමදාවේ බලඇණි
කිහිපයක භට පිරිසක් විසින් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය දක්වා
වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති පොලිතින් , ප්ලාස්ටික් වතුර බෝතල්
ඇතුළු ඝන අපද්‍රව්‍යය පහලට රැගෙන එමේ ශ්‍රමදානයක් (23) දින උදසැන
ආරම්භ කලහ.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි
ශ්‍රි ලංකා යුධ හමුදාවේ 112 වන බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර්
ප්‍රසාද් සමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ
බලඇණි කිහිපයක 200 කට ආසන්න භට පිරිසක් මෙම ශ්‍රමදාන කටයුත්තට
සහභාගි වි සිටියි.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාස දෙකකට ආසන්න කාලයක් තුල
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලය මගින්
වන්දනාකරුවන් විසින් සහ නල්ලතන්නියේ සංචාරක නිකේතන සහ ආපන ශාලා
වලින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්
එක්රැස් කර තිබුණි.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භයේ සිට වෙසක් පොහොයෙන් අවසන් වන තෙක්
ශ්‍රි පාද උඩ මළුවේත්, ශ්‍රි පාද මාර්ගයේත් , නල්ලතන්නිය නගරයේත්
වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ සංචාරක නිකේතන සහ ආපන ශාලාවලින්
බැහැර කරන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍යය ඉවත් කිරිමට
මස්කෙලිය ප්‍රාදේශිය සභාව මෙන්ම රාජ්‍යය සහ රාජ්‍යය නොවන
සංවිධාන , පෞද්ගලික ආයතන ඉදිරිපත් වි ඇත.

මස්කෙලිය ප්‍රාදේශිය සභාව ශ්‍රි පාද වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන විට ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතින්
භාවිතයෙන් තොර ශ්‍රි පාදය කරුණා කරන ලෙසය.











No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot