කුවේටයේ සිට ගෘහ සේවිකාවන් 52 ක් ආපසු කටුනායකට .
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමිකරුවන් වෙතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් 1/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ඔවුන් කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත පැමිණ , සිය පැමිණිලි ඉදිරිපත් කර , ඔවුන් තම නිවෙස් බලා පිටත්ව ගියහ
No comments:
Post a Comment