නායකත්ව වෙනස පසුපසට - එජප රැස්වීමේ මාතෘකාවත් රංජන්.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා.
පක්ෂ නායකත්වය සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණ ද එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ
රංජන් රාමනායක මන්ත්‍රිවරයායි.
හඬපට කිහිපයක් නිකුත් වීමත් සමග රංජන් රාමනායක මහතාගේ ක්‍රියාවලිය පක්ෂයේ ඉදිරි ගමනට අහිතකර බව ඇතැම් නියෝජිතයින්ගේ යෝජනාව වී ඇති බවත්, සිරිකොත ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේවෙතත් රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මේ මොහොතේ වැදගත්ම කාරණය බව තවත් පිරිසකගේ අදහස වී ඇති බවයි
එම ආරංචි මාර්ග සඳහන් කළේ.
No comments:
Post a Comment