උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 6 January 2020

සම්බන්ධන් ජනපතිගෙන් උතුරට විසදුමක් ඉල්ලයි


සම්බන්ධන් ජනපතිගෙන් උතුරට විසදුමක් ඉල්ලයි

උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක සිට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා දැන්වත් නිසි ප‍්‍රතිචාර දක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති තේ පැන් සංග‍්‍රහය අතරතුර ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, මෙම ගැටළුව විසදීම සඳහා ගුණාත්මක ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු බවද සම්බන්ධන් මහතා සඳහන් කර තිබෙනවා.  

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතද ඔහු කරුණු පැහැදිලි කළ බවටද තොරතුරු වාර්තා වුණා. එමෙන්ම මේ සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව සාකච්ඡුා කිරීම සඳහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකගතාව පලකළ බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීකදී දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

දෙමළ ජනතාව ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් අපේක්‍ෂා කිරීම සැබෑවක් වුවද ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාව නොවන බවද සම්බන්ධන් මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.  




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot