උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 27 January 2020

දහම් පාසලේ වටිනාකම පිළිබඳව අද සමාජය අවබෝධ කරගෙන නෑ...

දහම් පාසලේ වටිනාකම පිළිබඳව අද සමාජය අවබෝධ කරගෙන
නෑ...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම අද සමාජය අවබෝධ කරගෙන නොමැති බව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ (2020.01.26) මතුගම ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ දී
පැවැති දයා.ටී පැස්කුවෙල් පදනමින් සංවිධානය කරනු ලැබූ මතුගම
ශාසනාරක්ෂක මණ්ඩලයේ සිසු නිපුනතා ත්‍යාග හා සහතික පත්‍ර
ප්‍රධානෝත්සවයට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන දරුවන් තමන්ගේ දක්ෂතා වෙනුවෙන් සහතික පත්‍ර
ලබා ගන්නා මෙම අවස්ථාවට මම සහභාගී වන්නේ ඉතාමත්ම සන්තෝෂයෙන්.
අපේ දරුවන් සුමගට යවන්න නම් දහම් පාසල පන්සල ඇසුරු කරන්න ඕනේ. ඒ සඳහා
දෙමාපියන් දරුවන්ව උනන්දු කරවන්න ඕනේ. අද නොයෙක් නොයෙක් විභාග තරඟ එක්ක
සමහර විට දහම් පාසල අමතක වෙලා තියෙනවා. දහම් පාසලේ වටිනාකම පිළිබඳව අද
සමාජය අවබෝධ කරගෙන නෑ කියන එකයි මගේ විශ්වාසය.
ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ, fï ojiaj, l;dnyg ,lafj,d ;sfhk y`vmg isÿùu දිහා
බැලුවාම සමාජයේ පිරිහීම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව තුළ පිරිහීම පිළිබඳවත්,
මහජන නියෝජිතයන්ගේ පිරිහීම පිළිබවත් අපිට පැහැදිලි වෙනවා. එලෙස මහජන
නියෝජිතයන් මේ තත්ත්වයට වැටෙද්දි සමාජයේ පිරිහීම පිළිබඳව අමුතුවෙන් අපට කතා
කරන්න පුළුවන්කමක් නැහැ.
තමන්ට කිසිම හතුරුකමක් කරපු නැති මිනිස්සුන්ව හිරේ දාන්න, එල්ලුම් ගහට යවන්න,
උසස්වීම් ලබා ගන්න ඇති වූ සංවාද ආදී මේ සියලු දේ දිහා බලනකොට මේ හැම එකෙන්ම
පේන්නේ සමාජයේ පිරිහීම මිසක් දියුණුවක් නෙමෙයි.
ඒ සමහර සංවාදවල පවුලේ සියලු දෙනා සමග අහගෙන ඉන්න බැරි දේවල් තමයි
කියවෙන්නේ. මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට මේවා පිළිබඳව විශේෂ අවධානයක්

යොමු කරන්න ඕනේ. දරුවන් පිළිබඳව අවබෝධයක් ඇතිව ක්‍රියා කිරීමට හැම දෙනාම
කටයුතු කරනවා නම් ඒක සමාජයට කරන ලොකු සේවයක් කියලයි මම හිතන්නේ.
මම හැමදාම කියන එකක් තමයි, අනිත් හැම ආගමකටම තියෙනවා පල්ලියට යන්න,
කෝවිලට යන්න එහෙම නැත්නම් දේවාලයට යන්න වෙලාවක්. දවසක්. ඉරිදාට කතෝලික
අය පල්ලි යනවා. සිකුරාදාට මුස්ලිම් අය පස් වතාවක් පල්ලි යනවා. හැබැයි බෞද්ධයාට
එහෙම දවසක් නෑ. ඒ අනුව තමයි පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේ.
නමුත් අපේ අය කී දෙනෙක් පොහොය දවසට පන්සල් යනවද කියන එක ගැන නම් අපිට
සැකයක් තියෙනවා. අඩුගානේ පොහොය දවසට වත් පන්සල් යන්න කටයුතු කිරීම සමාජ
යහපතට බෙහෙවින්ම වැදගත් යැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මේ තත්ත්වයේ වෙනසක්
ඇති කළ යුතුව තිබෙනවා.
දයා ටී පැස්කුවෙල් මහතා මාත් එක්කත් පාර්ලිමේන්තුවේ හිටියා. මගේ තාත්තා එක්කත්
හිටියා. වික්‍රමනායක මහත්තයලා එක්කත් හිටියා. එතුමා අපේ හිතවතෙක්. විශේෂයෙන්ම
මගේ පියාගේ හිතවතෙක්. මගේ පියා එක්ක අපිව බලන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ
එතුමා එක්ක පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න ලැබුණා. අපි දන්නවා එතුමා මොනතරම්
නිහතමානී, ජනතා හිතවාදී, මන්ත්‍රීවරයෙක් ද කියලා. පැස්කුවෙල් මහත්මයා ජනතාව
ඉතාම ආදරය කරපු මන්ත්‍රීවරයෙක්, මන්ත්‍රීකම ඔළුවට නොගහපු මන්ත්‍රීවරයෙක් ලෙස
එතුමන්ව හඳුන්වන්න පුළුවන්. සමාජයට කළ හැකි සේවය එතුමන් උපරිමයෙන් මේ
සමාජයට කළ බවයි මගේ හැඟීම. ඒ නිසා එවැනි පුද්ගලයකුගේ ගුණ නැවත සිහිපත් කිරීම
ඉතාම වැදගත් කාර්යයක්.
මේ දරුවන් අපේ හිටපු නායකයින්, චරිත පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්
වෙනවා කියලා මම විශ්වාස කරනවා. පැස්කුවෙල් මහතාට නිවන්සුව අත්වේවා කියලා
ප්‍රාර්ථනා කරන ගමන් අද තෑගි ලබන දරුවන්ටත් ඒ වගේම දහම් පාසලේ සියලුම
දරුවන්ටත් සුභාසිංශන පළකරන්න මා මෙය අවස්ථාවක් කරගන්නවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot