වී මිලදී ගැනීම හෙට සිට.
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මේ වන විට මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ වී අස්වනු නෙලීම සිදුවන අතර, මූලිකව එම ප්‍රදේශවලින් වී මිලදී ගැනීමට අවදානය යොමුකර තිබෙනා. වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මේ වන විටත් ලබාදී ඇති බවයි වී අළෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ. මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ.
තෙත් හා වියළි ලෙස වර්ග කරමින් වී මිලදී ගැනීමට අදාලව රජය පසුගියදා මිල ගණන් නියම කළා. තෙත සහිත වී කිලෝවක් රුපියල් 45 ට සහ වියළි වී කිලෝවක් රුපියල් 50 බැගින් මිලදී ගැනීමට නියමිතයි.
No comments:
Post a Comment