උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 28 January 2020

හොරෙන් ඉන්න අයට සැපෙන් එන්න කොරියාවෙන් පොදු සමා කාලයක්.

හොරෙන් ඉන්න අයට සැපෙන් එන්න කොරියාවෙන් පොදු සමා කාලයක්.

කොරියාවේ රැකියා සඳහා ගොස්, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයින් හට දඬුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පොදු සමා කාලය මෙම වසරේ ජූනි 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

මෙම කාලය තුළ ගමන් බලපත්‍රය, ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප්‍රකාශය කොරියාවේ රැදී සිටින ප්‍රදේශයේ ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිසිඳු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට නීතිවිරෝධිව කොරියාවේ රැඳී සිටින්නන්ට අවස්ථාව සැලසෙනු ඇති.

එමෙන්ම, අදාළ ප්‍රද්ගලයින් අසාදු ලේඛනයට ඇතුළත් නොකරන අතර, අවශ්‍ය නම් පසුව ඊ-නයින්, ඩී-ටූ, ඩී-ෆෝ, ඩී-එයිට් වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවද පවතිනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 13 45 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම මගින් ලබා ගත හැකියි.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot