උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්
මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා
කියා සිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් පුලුල් වැඩපිළිවෙලක්ස ඳහා අනුගත වීමේ අපේක්ෂාව සහිතව හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවට ජයසේකර මහතා සඳහන් කළා. පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හිටපු ජනාධිපතිවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

එමෙන්ම, අත්තනගල්ල සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න මහතා පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot