උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළට වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රතික්ෂේප ය

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළට  වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රතික්ෂේප ය

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙස
රජය ඉදිරිපත් කළ යෝජනාව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද ඇතැම් මාධ්‍යය ද මේ බව වාර්තා කර තිබුණා.

වතු හාම්පුතුන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ වතුකම්කරු වැටුප රුපියල් 750 ක් ලෙසට පසුගිය රජය සමග ගිවිසුමකට ද එළැඹ ඇති බවයි.

කෙසේ වෙතත්, වසර දෙකක් සඳහා වූ එම ගිවිසුම වර්තමාන රජයේ තීරණ හමුවේ උල්ලංඝනය වී ඇති බවද එම සංගමයේ අදහසයි.

එමෙන්ම, වතු හාම්පුතුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ නිෂ්පාදන මිල ඉහළ යාම, වෙළෙඳපොලේ පවතින බාධාවන් මෙන්ම අමෙරිකා – ඉරාන අර්බුදය වැනි කාරණා හේතුවෙන් තේ කර්මාන්තයේ ආදායම් ද පහත වැටී ඇති බවයි.

එවැනි අර්බුදයක් හමුවේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන්නේ කෙසේදැයි එම සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී අනුමත වූයේ පසුගිය 14 වනදායි.

කෙසේ වෙතත්, මෙම යෝජනාව හමුවේ වතු හාම්පුතුන් දක්වන සෘණාත්මක ප්‍රතිචාරය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය
ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලු සම්බන්ධයෙන් ලබන සතියේ දී වතු සංගම් සමග සාකච්ඡා කරන බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot