උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

වස විස නැති ආහාර නිපදවීමට ජාතික වැඩපිළිවෙලක්.

වස විස නැති ආහාර නිපදවීමට ජාතික වැඩපිළිවෙලක්.

වස විෂෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීම සඳහා වූ
ජාතික වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය
චමල් රාජපක්ෂ මහතා පවසනවා.

වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ වස විෂ සහිත ආහාර එකතු වීමත් සමග බරපතල අර්බුද රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

විවිධ ලෙඩ රෝග ව්‍යාප්ත වීම එහි ඇති බරපතලම තත්ත්වය වන අතර
මිනිස් ශක්තීන් අහිමි වී යාම වැනි කාරණාද ඒ තුළ දක්නට ලැබෙනවා.

රසායන පොහොර භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී
චමල් රාජපක්ෂ ඇමතිවරයා සඳහන් කළේ එය ක්‍රමක්‍රමයෙන් සිදුකිරීම
රජයේ අපේක්ෂාව බවයි.

රසායනික පොහොර අවම කරමින් සහ කාබනික පොහොර භාවිතය
ඉහළ නංවමින් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව
ඔහු කියා සිටියා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot