උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 16 January 2020

රෝග බෝ කිරීමේ හැකියාවක් ඇති මදුරු විශේෂ ගණන 154 ක් දක්වා ඉහළ ගොස්

රෝග බෝ කිරීමේ හැකියාවක් ඇති මදුරු විශේෂ ගණන 154 ක් දක්වා ඉහළ ගොස් 

 රෝග බෝ කිරීමේ හැකියාවක් ඇති බවට සැක කළ හැකි තවත්

මදුරු විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

අඹේපුස්ස සහ වේවැල්දෙණිය යන ප්‍රදේශවල සිදුකළ කීට විද්‍යාත්මක පරීක්ෂණවලදී මෙම මදුරු විශේෂය සොයා ගත් බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මදුරු විශේෂ ගණන 154 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කියුලෙක්ස් ඉන්ෆියුලා ලෙස හඳුනාගෙන ඇති මෙම මදුරු විශේෂයට ද
මොළේ උණ රෝගය බෝ කිරීමේ හැකියාවක් ඇති බවද පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

මෙම මදුරු විශේෂය සම්බන්ධයෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය කියා සිටියේ යම් අවදානමක් ඇතැත් ඒ පිළිබඳ බියවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot