චීන කතට දැන් සුවයි.
කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියෙකු ලෙස හදුනා ගත් චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව කොළඹ අයිඞීඑච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇය තවදුරටත් රෝහල තුළ රදවා තබා ගැනීමට තීරණය කර ඇති බවයි. එලෙස තවදුරටත් රදවා තබා ගන්නේ පර්යේෂණ කටයුතු සහ එවැනි රෝගීන් රටෙන් වාර්තා වී නොතිබීම වැනි කාරණා මත පදනම්ව බවද ඔහු කියා සිටියා.
කොරෝනා යනු ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝග තත්ත්වයක් බවද එම රෝගය සම්බන්ධයෙන් බිය වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ඔහු පෙන්වා දෙනවා. අනිසි ලෙස තොරතුරු වාර්තා කිරීම තුළ ජනතාව මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගෙන ඇති බවත්, මෙම රෝගය සාමාන්‍යයෙන් බහුතරයකට ඖෂධ භාවිතයකින් තොරවම සුවවන බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සඳහන් කළා. එවැනි සාමාන්‍ය රෝග තත්ත්වයකට අසාමාන්‍ය තත්ත්වයක් ආදේශ කිරීම තුළ සමාය භිතියට පත්ව සිටින බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම මුව ආවරණ පැලැදීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීමට තරම් අවදානම් තත්ත්වයක් ශී‍්‍ර ලංකාව තුළ නොපවතින බවයි.
No comments:
Post a Comment