උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 29 January 2020

චක‍්‍රලේඛ ගැන අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්.


චක‍්‍රලේඛ ගැන අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

චක‍්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදුකරමින් සිටින වැඩ නතර කිරීමට සඳහා නොවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. පසුගිය  විවිධ කි‍්‍රයාමාර්ග ඔස්සේ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්කළ බවත්, ඒ හේතුවෙන් රාජ්‍ය සේවය යම්තාක් දුරකට අකර්මන්‍ය වී ඇති බවත් අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයින් මුහුණ පා සිටින ගැටලූවලට ඉක්මන් විසඳුම් ලබාදීය යුතු බවයි. මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ අද පැවැති ප‍්‍රගති සමාලෝචන රැුස්වීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා සදහන් කර සිටියේ පසුගිය රජයේ වියදම් ප‍්‍රමාණය ඉහළ යාමත් වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය ඉහළ ගොස් ඇති බවයි. ණය ගෙවාගත නොහැකිව සිටින ව්‍යාපාරිකයන් වෙනුවෙන් හඳුන්වාදී ඇති සහන පැකේජය පිළිබඳ ව්‍යාපාරිකයන්ට කරුණු පැහැදිලි කරමින් ඔවුන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට උපරිම සහය දක්වන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන්ට අයවිය යුතු මුදල් කිසිඳු ප‍්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot