කලුකඩ ජාවාරමට වැට බැඳ නොමිලේ
සෞඛ්යාරක්ෂිත මුව ආවරණ ලබා දෙන්න - විපක්ෂ නායක
මේ අතර රෝගය පැතිර යාම පිළිබඳව මතුව ඇති බියත් සමඟ සෞඛ්යාරක්ෂිත මුව ආවරණවලට අධික ඉල්ලුමක් මතුවී තිබේ. ඒ ඉල්ලුම හේතු කොටගෙන ඇතැම් වෙළෙඳුන් ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට යොමු වී සිටී.
කලකට පෙර ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව මෙන් “මුව ආවරණ මාෆියාවක්ද” ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ.
ජාතික ව්‍යසනයක් මොහොතේ එයින් අයුතු ප්‍රයෝජන ගන්නට මෙවැනි ජාවාරම්කරුවන් පෙළඹීම කනගාටුදායකය.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ මුව ආවරණ වල මිල පාලනයක් ඇති කිරීම සඳහා අවධානය යොමු කරන බවය.
කෙසේ වෙතත් මේ මොහොතේ පවතින දැඩි අවධානම හේතුකොටගෙන සෞඛ්යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීම සදහා රජය මැදිහත් වීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.
විශේෂයෙන්ම සෞඛ්යාරක්ෂිත දේශයක් උදෙසා එවැන්නක් කිරීම රජයකට කිසිසේත්ම අපහසු කටයුත්තක් නොවන බව අවධාරණය කළ යුතුය.
එමෙන්ම, රාජ්‍ය යාන්ත්‍රණය ගම දක්වාම ක්‍රියාත්මක කොට සියලු පවුල් ඒකක සහ පුද්ගලයින් දැනුවත් කිරිමේ කඩිනම් වැඩපිළිවෙලකට යාමට රජය වහාම පියවර ගත යුතුය.
කෙටි පණිවිඩ, අත් පත්‍රිකා, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය නොවලහා සිදු කිරීම උදෙසා අවශ්‍ය පියවර ගත යුතුය.
මේ මොහොතේ මෙම ව්‍යසනය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත නොවීම උදෙසාත් සියලු ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත කිරීම උදෙසාත් පක්ෂ පාට භේද නොසලකා සියලු දෙනා සමඟ අපද එක්ව කටයුතු කරමු.
No comments:
Post a Comment