රනිල්, සජිත් රහසේ හමුවෙයි . කෘත්‍යාධිකාරී මණ්ඩලයත් කැඳවයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡුාවක් මේ වන විට පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා පවතින ගැටළු විසදා ගැනීමත්, ඉදිරි මහ මැතිවරණය සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමත් මෙම සාකච්ඡුාවේ අරමුණයි. එමෙන්ම මෙම සාකච්ඡුාව අතිශය රහසිගතව, රනිල් වික්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර පමණක් පැවැත්වෙමින් තිබෙන බවත්, එය සිදුවන්නේ කොතනැදැයි අනාවරණ නොකරන බවත් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.මේ අතර අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ මීළ`ග මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් පිහිටුවන බවයි. නායකත්වය සම්බන්ධයෙන් තීරණයකට පැමිණීම සඳහා හෙට දිනයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ඇතැයිද ඔහු සඳහන් කළා.
No comments:
Post a Comment