ශ්‍රී පාදස්ථානය සහ ඒ අවට ප්‍රදේශවල ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්
ශ්‍රී පාදස්ථානය සහ ඒ අවට ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ කසළ බැහැර කිරීමේ ස්ථානවලට එක්රැස් වූ ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හමු වූ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාව පවසනවා.
මෙම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රිකරණය කිරීමට නියමිතයි.
ප්ලාස්ටික් බෝතල් නිසි පරිදි බැහැර කිරීමට ද මෙවර පහසුකම් සළසා තිබුණා.
ඒ අනුව, ජනතාව ද කසළ බඳුන් වෙත ප්ලාස්ටිතක් බෝතල් බැහැර කිරීමට උනන්දු වන ආකාරයක් නිරීක්ෂණය වූ බවද මස්කෙළිය ප්‍රාදේශීය සභාව සඳහන් කළා.
එමෙන්ම, ශ්‍රී පාද භූමිය වෙත පොලිතින් ගෙන ඒම තහනම් කිරීම හේතුවෙන් මෙවර ශ්‍රී පාදස්ථානය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීමට ද හැකිවී තිබෙනවා.
මේ අතර කිහිපදෙනෙකු පමණක් පරිසර සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු නොකරමින් පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කරන තත්ත්වයක් දැකගත හැකි බවද එම නිවේදනයේ දැක්වුණා.
කෙසේ වෙතත්, සමස්තයක් ලෙස මෙවර වන්දනා සමයේදී පොලිතින් සහ ප්ලාස්ටික් ක්‍රමවත් ආකාරයෙන් බැහැර කිරීමට ජනතාවගෙන් සුවිශේෂි දායකත්වයක් හිමි වූ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ විශ්වාසයයි.
No comments:
Post a Comment