උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 17 January 2020

වෝහාරික විගණනයේ වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට

වෝහාරික විගණනයේ වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට

මහබැංකු බැදුම්කර ගනුදෙනු සහ අර්ථ සාධක අයෝජන පිළිබඳ සිදුකර ඇති වෝහාරික විගණනයේ වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි වෘත්තිය සමිති නියෝජිතයින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වෘත්තිය සමිති 17 ක නියෝජිතයින් කතානායකවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ එම වාර්තා ඉදිරිපත් නොකිරීමට ගෙන ඇති තීරණය බැරූරුම් කාරණයක් ලෙස සළකන බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් වන පෞද්ගලික, රාජ්‍ය,
අර්ධ රාජ්‍ය සහ සංස්ථා සේවකයින් විසිතුන් ලක්ෂයකට අර්ථසාධක අරමුදල් අවභාවිත කිරීම තුළින් බලවත් අසාධාරණයක් සිදුව ඇතැයිද වෘත්තිය සමිති නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා.

එබැවින්, එම මූල්‍ය වංචාවන් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා සේවක ප්‍රජාව සතු අයිතිය තහවුරු කරන ලෙසද එමගින් කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot